පස්වැනි ආසියානු පැරා ක්රීඩා උළෙල ඔක්තෝබර් 18 වැනිදා සිට 24 වැනිදා දක්වා ජපානයේ අයිචි-නගෝයා ප්රදේශයේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ශ්රී ලංකාව නියෝජනය කිරීමට ක්රීඩක ක්රීඩිකාවන් 21 දෙනෙකු තෝරාගෙන තිබුණි.
කෙසේ වෙතත්, තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ශ්රී ලංකා පැරා වෙඩි තැබීමේ ක්රීඩිකා නිරංජලා රණසිංහ ඔක්තෝබර් 5 වැනිදා සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.
ඒ අනුව, මුලින් තෝරාගෙන තිබූ ක්රීඩක ක්රීඩිකාවන් 21 දෙනා වෙනුවට මෙවර තරගාවලියට ශ්රී ලංකාවෙන් 20 දෙනෙකු සහභාගි වීමට නියමිත බව අදාළ පුවතේ සඳහන් වේ.
ශ්රී ලංකා කණ්ඩායමට තරගාවලියේදී සාර්ථකත්වය අත්කර ගැනීමට හැකිවේවායි ක්රීඩා ලෝලීහු අපේක්ෂා කරති.
















