අධිවේගී මාර්ග සහ සාමාන්‍ය මාර්ගවල මගී ධාරිතාව පුළුල් කිරීම සහ මහජන ප්‍රවාහන සේවාව තවදුරටත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින්, මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) වෙත අලුතින් බස් රථ 600ක් ආනයනය කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මෙම නව බස් රථ තොගයට අධිවේගී මාර්ග සේවා සඳහා යොදාගැනීමට නියමිත සුඛෝපභෝගී බස් රථ 200ක් සහ සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා සඳහා යොදාගැනීමට නියමිත සම්මත බස් රථ 400ක් ඇතුළත් වේ. මෙම පියවර හරහා රටේ සමස්ත පොදු ප්‍රවාහන පද්ධතියේ ගුණාත්මකභාවය සහ මගී පහසුව ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















