චීනයේ සුෂෝ නගරයේ දී ක්‍රියාත්මක කෙරෙන ආසියානු එමිරේට්ස් ශූරතා පිරිමි සත් සාමාජික රග්බී පාපන්දු තරගාවලියේ පළමු අදියර සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වරම ශ්‍රීනාත් සූරියබණ්ඩාර වෙත හිමි වී ඇති අතර, ජාත්‍යන්තර අත්දැකීම් සපිරි ක්‍රීඩකයන් රැසක් මෙම සංචිතයට නම් කර ඇත.
ලබන ඔක්තෝබර් මස ජපානයේ දී පැවැත්වෙන ආසියාතික ක්‍රීඩා උළෙලට සූදානම් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය අතිශයින්ම වැදගත් වේ. චීනයේ දී පැවැත්වෙන පළමු අදියර තරගාවලියෙන් පසුව, දෙවැනි අදියර ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා සංචිතය:
ශ්‍රීනාත් සූරියබණ්ඩාර (නායකයා), ආකාශ් මදුශංක, චතුර සොයිසා, ඩිලුක්ෂ දංගේ, නවීන් මාරසිංහ, රවිදු අංජුල, සහීඩ් සුම්රී, කවිදු පෙරේරා, දිනාල් ඒකනායක, පසිඳු බණ්ඩාර, ජයතු රාජරත්න, ගයාන් පෙරේරා.
අතිරේක ක්‍රීඩකයින්: ජනිදු දිල්ෂාන්, ගැමුණු චේතිය, නිලේශ් රාගවන්.
















