• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීමට WHO සහ සාසකාගාවා පදනමේ අඛණ්ඩ සහයෝගය

12 June 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවෙන්  ලාදුරු රෝගය තුරන් කිරීමට  WHO සහ සාසකාගාවා පදනමේ  අඛණ්ඩ සහයෝගය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සුභසාධන තානාපති යෝහේයි සාසකාගාවා (Yohei Sasakawa) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගය තුරන් කිරීමේ වත්මන් ප්‍රගතිය, අනාගත සෞඛ්‍ය සැලසුම් සහ අදාළ ආයතන අතර පවතින සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. මෑතකදී සාර්ථකව පැවැති ශ්‍රී ලංකා ජාතික ලාදුරු රෝග සමුළුවෙන් පසු ඇති වූ සාධනීය ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ.
ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා දේශපාලන කැපවීම ඉහළ නැංවීම, ප්‍රජා සහභාගීත්වය දිරිගැන්වීම සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ රෝගීන් කේන්ද්‍ර කරගත් සේවාවන් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සාසකාගාවා සෞඛ්‍ය පදනම ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම් සහ අඛණ්ඩ සහයෝගය ලබා දීමට සහතික වූ අතර, ජාතික ඉලක්ක සපුරා ගැනීම සඳහා නව හවුල්කාරිත්වයන් ගොඩනැගීමට ද එකඟතාව පළ කළහ.
1974 වසරේදී ජපානයේ පිහිටුවන ලද සාසකාගාවා සෞඛ්‍ය පදනම (Sasakawa Health Foundation), ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව ගෝලීය වශයෙන් ලාදුරු රෝගීන් කල්තියා හඳුනා ගැනීම සහ රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා කටයුතු කරන ප්‍රමුඛතම ජාත්‍යන්තර පුණ්‍යායතනයකි. ජපානයේ නිප්පෝන් පදනම (The Nippon Foundation) සමඟ එක්ව මෙම ආයතන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, අධ්‍යාපන සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දිගුකාලීනව මූල්‍ය හා තාක්ෂණික දායකත්වය ලබා දෙයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සාසකාගාවා සෞඛ්‍ය පදනමේ සභාපති මහාචාර්ය තකාහිරෝ නන්රි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේශ් සම්භාජිරාඕ පාණ්ඩේ ඇතුළු ජාත්‍යන්තර සහ දේශීය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 0
Previous Post

රට බංකොලොත් වීමේ මාවතේ… ඉන්දුනීසියානු ජනාධිපතිගේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව සිසුන් වීදි බසී

Next Post

ආරක්ෂක තර්ජනයක් හේතුවෙන් හැම්බර්ග් ගුවන් තොටුපළේ පර්යන්තයක් ඉවත් කෙරේ…

Editor TTV News

Editor TTV News

Next Post
ආරක්ෂක තර්ජනයක් හේතුවෙන්  හැම්බර්ග් ගුවන් තොටුපළේ පර්යන්තයක් ඉවත් කෙරේ…

ආරක්ෂක තර්ජනයක් හේතුවෙන් හැම්බර්ග් ගුවන් තොටුපළේ පර්යන්තයක් ඉවත් කෙරේ...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved