බලහත්කාර ශ්‍රම ආනයන වැළැක්වීම සඳහා වන නීතිමය රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමට අදාළ පියවර පරීක්ෂා කරන ලෙස ශ්‍රී ලංකාව සිය නිලධාරීන්ට උපදෙස් දී ඇති බව වෙළඳ අමාත්‍යාංශ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා මහතා පසුගිය සතියේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට (COPF) දන්වා ඇත.
ඇමරිකා එක්සත් ජනපදය විසින් තම වෙළඳ හවුල්කරුවන් 60 දෙනෙකු මත ජූලි මාසයේදී සියයට 10ත් 12.5ත් අතර හදිසි තීරුබදු පැනවීමට ප්‍රතිචාර දක්වමින්, අනෙකුත් රටවල්ද බලහත්කාර ශ්‍රම ආනයනවලට එරෙහිව රෙගුලාසි බලාත්මක කිරීමට උත්සාහ කර ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය. මෙහිදී ශ්‍රී ලංකාව විසින් බලහත්කාර ශ්‍රම ආනයන තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු, ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් නීති ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ශ්‍රී ලංකාව සියයට 10 තීරුබදු ස්තරය වෙත ගෙන යන ලදී.
දේශීයව බලහත්කාර ශ්‍රම කළමනාකරණය පැහැදිලිව ක්‍රියාත්මක වන බව පෙන්දුන් ලේකම්වරයා, දණ්ඩ නීති සංග්‍රහයේ 358 අ වගන්තිය යටතේ බලහත්කාර ශ්‍රමය අපරාධයක් ලෙස ප්‍රකාශ කර ඇති බවත්, කම්කරු අමාත්‍යාංශයේ සහයෝගයෙන් ඊට අවශ්‍ය ආයතනික හා නීතිමය විධිවිධාන පවතින බවත් සඳහන් කළේය. ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුව වෙත ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට අමතරව, සදාචාරාත්මක වෙළඳාමක නිරත වන ලෙස දිරිමත් කරනු ලබන අතර, දැඩි අවස්ථාවන්හිදී රාජ්‍යතාන්ත්‍රික සහ රේගු අතර සන්නිවේදන මාර්ග භාවිතා කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.














