පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා 2019, 2020, 2021 සහ 2023 යන වසරවල හිටපු පොලිස්පතිවරුන්ගේ පාලන සමයන්හිදී සිදු කරන ලද උසස්වීම් අභියෝගයට ලක් කරමින් උසස්වීම් නොලද නිලධාරීන් 1,050කට ආසන්න පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ. පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන්, සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක සහ උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරු දක්වා සිදු කළ උසස්වීම් මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට පෙත්සම්කරුවන් චෝදනා කර තිබිණි.
කෙසේ වෙතත්, අදාළ උසස්වීම් පිරිනැමීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදුවූ බවට අධිකරණය සෑහීමකට පත් කළ හැකි ප්‍රමාණවත් තොරතුරු හෝ සාක්ෂි පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව පෙන්වා දෙමින් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් මෙලෙස නිශ්ප්‍රභ කර ඇත.















