නාවික හමුදාපති ලෙස ධුරයට පත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු වෙත බංගලාදේශ ආරක්ෂක උපදේශකගෙන් සුබ පැතුම්
ශ්රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්. මොනිරුසාමාන් (M. Moniruzzaman) මහතා සහ ශ්රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා අතර නිල හමුවක් අද (10) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. 27 වැනි නාවික හමුදාපතිවරයා ලෙස ධුරයට පත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා වෙත මෙහිදී බංගලාදේශ ආරක්ෂක උපදේශකවරයාගේ සුබ පැතුම් පිරිනැමුණි.
නාවික හමුදා මාධ්ය ඒකකය සඳහන් කළේ දෙරට අතර සමුද්රීය ආරක්ෂක සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර, හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ බවයි.














