දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2026 වසරේ මැයි 18 වැනිදා වන විට රැස්කරගෙන ඇති සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියනයක් (රුපියල් බිලියන 1,000) ඉක්මවා ගොස් තිබේ. මෙරට රාජ්‍ය මූල්‍ය ඉතිහාසයේ කෙටි කාලයක් තුළ මෙවැනි ඉහළ බදු ආදායමක් සනිටුහන් වූ පළමු අවස්ථාව මෙය බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයකට අනුව, මෙම සන්ධිස්ථානය කරා ළඟා වීමට රජය විසින් හඳුන්වා දුන් විධිමත් බදු පරිපාලන ක්‍රියාවලිය සහ බදු ප්‍රතිසංස්කරණ සෘජුවම බලපා ඇත. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් රුක්දේවි පී. එච්. ප්‍රනාන්දු මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, රටේ මූල්‍ය ස්ථාවරත්වය සහ මහජන සේවා ශක්තිමත් කිරීම සඳහා සිය යුතුකම් ඉටු කරමින් සෘජුව සහ වක්‍රව බදු ගෙවූ සියලුම පුරවැසියන්ට ස්තූතිය පළ කර සිටියාය.
මෙම වාර්තාගත ආදායම රටේ ආර්ථික අර්බුද මධ්‍යයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා ලැබුණු විශාල ශක්තියක් බව ද සඳහන් වේ.















