ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සමඟ සම්බන්ධවී විදෙස් රටවල සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ ‘නිල් වරෙන්තු’ (Blue Notices) මත විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.
රට තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලයන් සහ පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා රජය දැඩි ස්ථාවරයක සිට කටයුතු කරන බව පෙන්වා දී ඇති ඒ මහතා, ජාත්‍යන්තර නීතිමය රාමුව සහ ආයතන සමඟ ඒකාබද්ධව මෙම අපරාධකරුවන් මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව වැඩිදුරටත් හෙළිදරව් කර ඇත.
















