බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) තරග වදින අතර, එහිදී වේගපන්දු යවන ක්‍රීඩක ඉෂිත විජේසුන්දර සිය මංගල ටෙස්ට් වරම් ලබා ගත්තේය.
තරගාවලියේ පෙරළියක් සිදු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම අද ක්‍රීඩා කරන සංචිතය වන්නේ ධනංජය ද සිල්වා (නායක), නිශාන් මධුෂ්ක, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, සොනල් දිනුශ, ප්‍රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, ඉෂිත විජේසුන්දර සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ය.
ප්‍රධාන ක්‍රීඩකයින් සිව්දෙනෙකු ආබාධ සහ රෝගාබාධ හේතුවෙන් මෙම තරගයෙන් ඉවත් වීමට සිදුවීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පසුබෑමකි. ලහිරු කුමාර දකුණු පාදයේ කලවා ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් පුනරුත්ථාපනය වෙමින් පවතින අතර, විශ්ව ප්‍රනාන්දු සංචාරයට පෙර පුහුණු තරගයේදී ඇති වූ කොන්දේ ආබාධයක් හේතුවෙන් ඉවතට වී සිටී. එමෙන්ම රමේෂ් මෙන්ඩිස් සංචාරය අතරතුර ඇති වූ බැක්ටීරියා ආසාදනයකින් සුවය ලබමින් සිටින අතර, පැතුම් නිස්සංක පළමු ටෙස්ට් තරගයෙන් පසු ඇති වූ මැණික් කටුව ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයක් සඳහා ජූනි 30 වනදා එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇත.
















