හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභසාධනය මූලික අරමුණු කර ගනිමින් රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ යන්ත්‍රණයක් දිවයිනේ සෑම බන්ධනාගාරයකම ස්ථාපිත කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරයි. මෙම යන්ත්‍රණය පිහිටුවීම සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡාවක් කළුතර බන්ධනාගාරයේදී ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.
බන්ධනාගාර පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත නව ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට සහ කාන්තා රැඳවියන් හමු වී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමටද ඇමැතිවරයා මෙහිදී කටයුතු කළේය. කළුතර, ගාල්ල, බූස්ස සහ මාතර බන්ධනාගාර මූලික කර ගනිමින් ප්‍රාදේශීය රාජ්‍ය ආයතන උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පළමු අදියරේ ඒකාබද්ධ කමිටු පිහිටුවා ඇති අතර, මෙමඟින් රැඳවියන්ට මිත්‍රශීලී මානුෂීය පරිසරයක් ඇති කිරීම සහ බන්ධනාගාර තදබදය අඩු කිරීමට අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇත.
















