රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සියලුම මාධ්‍ය ආයතන, කර්‌මාන්ත අමාත්‍යාංශය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම ජාත්‍යන්තර මට්ටමේ අපනයන වෙළඳ ප්‍රදර්ශනය 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ BMICH පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙරට අපනයන ක්ෂේත්‍රය නව ප්‍රවණතා සමඟ ඉදිරියට ගෙන යාම සඳහා මෙම ප්‍රදර්ශනය හරහා පුළුල් වේදිකාවක් සැපයීමට අපේක්ෂා කෙරේ. 2030 වන විට මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක ඉලක්කයක් වෙත ගෙන යාම සහ නව අපනයනකරුවන් 1,500 ක් බිහි කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අපේක්ෂාවයි. මේ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීමට සහ මෙම ප්‍රදර්ශනයට සම්බන්ධ වීමට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා News.lk නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
















