රට තුළ පෞද්ගලික ආරක්ෂක සේවා නියාමනය කිරීමට පියවර ගනිමින් සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුන් ජයසේකර පවසයි.
අදාළ නීතිමය සංශෝධන ඇතුළත් කෙටුම්පත පනත් කෙටුම්පතක් ඉදිරි මාස් කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. මෙම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන්, කම්කරු දෙපාර්තමේන්තුවෙන් සහ පොලිසියෙන් ද සහාය ලබාගන්නා බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
















