විස්සයි20, එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝබර් මාසයේදී පකිස්ථානයේ සංචාරය කිරීමට නියමිත බව පකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව, තරග 3කින් යුත් ශ්‍රී ලංකා – පකිස්ථාන විස්සයි20 තරගාවලිය ඔක්තෝබර් 9, 11 සහ 13 යන දිනවල පකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. ඉන් අනතුරුව, ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට ආරම්භ වන අතර, එම තරග රාවල්පින්ඩි සහ ලාහෝර් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.
එමෙන්ම, නොවැම්බර් 9 වැනිදා සිට තරග 2කින් යුත් ශ්‍රී ලංකා – පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන අතර, එය නොවැම්බර් 21 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබේ.














