දුම්කොළ හා දුම්කොළ නිෂ්පාදන භාවිතයට යොමුවීම වැළැක්වීම සහ එම ඇබ්බැහිවීම්වලින් පුද්ගලයන් මුදා ගැනීම අරමුණු කරගනිමින්, ‘කෙටිකාලීන මැදිහත්වීම: නමැති මනෝවිද්‍යාත්ක’ ප්‍රවේශය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බලගැන්වීමේ විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කරන පරිදි, මෙම වැඩසටහනේ පළමු අදියර අද (ජූනි 15) කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.
මෙම පුහුණු වැඩසටහනේ ප්‍රධාන සම්පත් දායකයා ලෙස මනෝ වෛද්‍ය විශේෂඥ ප්‍රභාත් වික්‍රම මහතා කටයුතු කරයි. මිනිත්තු කිහිපයක් තුළ දුම්කොළ භාවිතයේ අහිතකර ප්‍රතිඵල පිළිබඳව පුද්ගලයෙකු දැනුවත් කර, එම පුරුද්ද අතහැර දැමීමට අවශ්‍ය චර්යාත්මක වෙනසක් සිදුකිරීමේ මනෝවිද්‍යාත්මක දක්ෂතාවය සෞඛ්‍ය සේවකයන් වෙත ලබාදීම මෙහි ප්‍රධාන අරමුණයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් ඇතුළු ක්ෂේත්‍ර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා මෙම පුහුණුව ලබා දේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, මනෝ වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරයි. මෙම පුහුණු වැඩමුළුවේ දෙවන අදියර හෙට (ජූනි 16) පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වෛද්‍ය අලහප්පෙරුම මහත්මිය වැඩිදුරටත් කියා සිටී.
















