ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නවතම දත්ත වාර්තා අනුව, 2026 ජුනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 2025 ජුනි මාසයට සාපේක්ෂව 9.9%කින් පහත වැටී තිබේ.
පසුගිය වසරේ ජුනි මාසයේදී සංචාරකයින් 138,241 දෙනෙකු පැමිණ තිබූ අතර, මෙවර එම සංඛ්‍යාව 124,551ක් ලෙස සටහන් වේ. මැයි මාසයේදී සංචාරකයින් 145,745 දෙනෙකු පැමිණ තිබූ අතර, ජුනි මාසයේ එම සංඛ්‍යාව යම් අඩු වීමක් පෙන්නුම් කරයි.
ජුනි මාසයේ පැමිණි සංචාරකයින්ගෙන් ප්‍රධාන කොටස පහත පරිදි වේ:
ඉන්දියාව: 43,423 (35.0%)
එක්සත් රාජධානිය: 10,474
ඕස්ට්‍රේලියාව: 8,710
චීනය: 8,224
අමෙරිකා එක්සත් ජනපදය: 3,806
කෙසේ වෙතත්, 2026 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,146,573ක් දක්වා වර්ධනය වී ඇත. එම සංචාරකයින් අතරින් ඉන්දියාවෙන් 293,683ක් ද, එක්සත් රාජධානියෙන් 108,567ක් ද, රුසියාවෙන් 77,349ක් ද සහ චීනයෙන් 76,171ක් ද ලෙස විදෙස් ජාතිකයින් වැඩි වශයෙන් පැමිණ තිබේ.














