මෙරට පැවති සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන ක්‍රමය මුළුමනින්ම අවසන් වී ඇති බවත්, වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මෙරට පොදු මහජනතාවගේම පන්තියට අයත් සාමාන්‍ය මිනිසුන් බවත් ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙකු වන එරංග ගුණසේකර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වත්මන් පාලනය යටතේ රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ප්‍රායෝගිකව ස්ථාපිත වෙමින් පවතින බවයි. කලක් පැවති වරප්‍රසාද ලුහුබඳින දේශපාලන රටාව වෙනුවට, ජනතාවට සැබවින්ම වගකියන සහ මහජනතාව සමඟ සමීපව කටයුතු කරන පාලන ක්‍රමයක් නිර්මාණය කිරීම තම රජයේ මූලික අරමුණ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














