මහා භාණ්ඩාගාරයේ මුදල් හැකර්වරුන් විසින් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) සිය නිල ප්‍රතිචාරය ප්‍රකාශ කර තිබේ. කොළඹ අද (අප්‍රේල් 23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා සඳහන් කළේ, අදාළ මුදල් වෙනත් රටවල බැංකු පද්ධති හරහා හුවමාරු වී ඇත්නම් ඒවා නැවත ලබා ගැනීමට තාක්ෂණිකව හැකියාව පවතින බවයි.
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා අවශ්‍ය පූර්ණ තාක්ෂණික සහාය ලබා දීමට ශ්‍රී ලංකා CERT ආයතනය සූදානමින් සිටී. විශේෂයෙන්ම විදේශීය රටවල මූල්‍ය ආයතන සමඟ සම්බන්ධ වෙමින් අදාළ ගනුදෙනු නිරීක්ෂණය කිරීමේ සහ එම ගිණුම් අත්හිටුවීමේ ක්‍රියාවලියට ඔවුන් මැදිහත් වනු ඇත.
මහා භාණ්ඩාගාරයේ ගිණුම් අංක වෙනස් කරමින් සිදු කිරීමට ගිය මෙම මංකොල්ලය පිළිබඳව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, CERT ආයතනය ලබා දෙන තාක්ෂණික දත්ත එම පරීක්ෂණ සඳහා තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













