දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උලපනේ ගඩොල් බෝක්කු අසල මහා මාර්ගය හා දුම්රිය මාර්ගය ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ කටයුතු පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිනි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තුෂාරි ජයසිංහ, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල කාරණාරත්න සහ ගඟ ඉහළ කෝරළයේ සභාපති ඉන්දික උපුල් ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද (21) ආරම්භ කර තිබේ.
මෙම ඒකාබද්ධ ව්‍යාපෘතිය සඳහා රුපියල් 386,699,553 ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, මාර්ග සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව ගණනාවක දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය මාස දහයකින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව මන්ත්‍රීවරිය සඳහන් කර ඇත.













