2026 වසරේ දෙවන කාර්තුවේ මෙරට විරැකියා අනුපාතය සියයට 4.0ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම ශ්‍රී ලංකා ශ්‍රම බලකා සමීක්ෂණ දත්ත අනුව, එම කාර්තුවේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය සියයට 50.0ක් ලෙස වාර්තා වී ඇත.
2026 වසරේ පළමු කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 3.7ක් වූ අතර, 2025 වසරේ දෙවන කාර්තුවේදී එය සියයට 3.8ක් ලෙස පැවති බව පෙර නිකුත් කළ නිල දත්ත පෙන්වයි. ඒ අනුව දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය පෙර කාර්තුවට සාපේක්ෂව සියයට 0.3කින් සහ පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව සියයට 0.2කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර, දෙවන කාර්තුවේදී විරැකියාවට පත්ව සිටි පුද්ගලයින් සංඛ්‍යාව 340,240ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව වාර්තා වේ. වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ කාණ්ඩයේ විරැකියා අනුපාතය අනෙකුත් වයස් කාණ්ඩවලට වඩා ඉහළ මට්ටමක පවතින බවද ශ්‍රම බලකා සමීක්ෂණ දත්ත පෙන්වා දෙයි.














