දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස විනාශයට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය දක්වා වන කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කර තිබේ.
අධික වර්ෂාව හා නායයෑම් හේතුවෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්මික හා ඉංජිනේරු අංශ දැඩි පරිශ්‍රමයක් දරා ඇති අතර, මෙම කොටසේ කටයුතු අවසන් වීමත් සමඟ මධ්‍යම කඳුකරය දක්වා දුම්රිය ගමනාගමන කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරේ.
















