පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් යාවත්කාලීන කර තිබේ.
අද (15) පස්වරු 4.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (16) පස්වරු 4.00 දක්වා වලංගු වන අතර, ඒ අනුව නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්රික්කවල ප්රදේශ සඳහා මට්ටම 2 යටතේ ‘අවදානයෙන් සිටින්න’ (ඇම්බර්) නිවේදන නිකුත් කර ඇත. මීට අමතරව, ගම්පහ, හම්බන්තොට, කළුතර, කෑගල්ල, මාතර, මහනුවර, මාතලේ, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් සඳහා මට්ටම 1 යටතේ ‘විමසිලිමත් වන්න’ (කහ) නිවේදන නිකුත් කර තිබේ.
















