කොළඹ තාජ් සමුද්රා හෝටලයේ ‘ද කොළඹ ක්ලබ්’ හිදී පැවැති “තානාපතිවරුන්ගේ වටමේස සාකච්ඡාවේදී” කච්චතීව් දූපත සම්බන්ධයෙන් ශ්රී ලංකාව අනුගමනය කළ යුතු ඉදිරි පියවර පිළිබඳව පුළුල් සංවාදයක් අද (21දා) පැවැත්විණි.
එහිදී ධීවර සම්පත් නිරීක්ෂණය කිරීම සහ ධීවර සංරක්ෂණයට සහාය වීම සඳහා කච්චතීව් දූපත පර්යේෂණ මධ්යස්ථානයක් ලෙස භාවිත කිරීමේ තත්ත්වය පිළිබඳව අධ්යයනය කළ යුතු බව පාත්ෆයින්ඩර් පදනම විසින් යෝජනා කර ඇත. ඒ අනුව මාධ්ය ප්රධානින් සහ ප්රතිපත්ති සම්පාදකයන් සමග මේ පිළිබදව අදහස් හුවමාරුවක් සාකච්ඡාවේදී සිදුවිය.
මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා කියා සිටියේ රටක් වශයෙන් කච්චතීව් දූපත ඔස්සේ ඇති අවස්ථා පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම අත්යවශ්ය බවයි. මෙම අවස්ථාව සඳහා පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්යක්ෂ ආචාර්ය දයා සිල්වා මහතා සහ පදනමේ සාමාජික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඇතුළු පිරිසක් ද අදහස් දක්වනු ලබුහ.














