ශ්රී ලංකාවේ වාණිජ බැංකු වල අද (28) දිනට අදාළව ශ්රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ඊයේ (27) දිනයට සාපේක්ෂව මදක් අවප්රමාණය වී ඇති අතර, විකුණුම් අනුපාතය රු. 336 සීමාවේ ස්ථාවරව පවතී. සේලාන් බැංකුවට අනුව ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 327.90ක් ලෙසත්, විකුණුම් අනුපාතය රු. 337.15ක් ලෙසත් වෙනස්වීමකින් තොරව පවතී. එන්.ඩී.බී. (NDB) බැංකුවේ ගැනුම් අනුපාතය රු. 327.70 සිට රු. 327.90 දක්වා සහ විකුණුම් අනුපාතය රු. 336.70 සිට රු. 336.90 දක්වා ඉහළ ගොස් තිබේ.
මීට අමතරව, මහජන බැංකුවේ (People’s Bank) ගැනුම් අනුපාතය රු. 328.15 සිට රු. 328.40 දක්වාද, විකුණුම් අනුපාතය රු. 336.29 සිට රු. 336.54 දක්වාද ඉහළ ගොස් ඇත. කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතය රු. 326.33ක් සහ විකුණුම් අනුපාතය රු. 336.25ක් ලෙස නොවෙනස්ව පවතින අතර, සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙළින් රු. 328.25 සිට රු. 328.50 දක්වා සහ රු. 336.25 සිට රු. 336.50 දක්වා ඉහළ ගොස් තිබේ.
















