මෙම වසරේ (2026) මුල් මාස හය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.254 ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 41,971 ක) වටිනා වාහන මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත මඟින් අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, පසුගිය වසරේ මුල් මාස හයට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස හය තුළ රටේ වාහන ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 318 කින් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 10,645 කින්) අඩුවී ඇති බවද එම දත්ත පෙන්වා දෙයි.














