ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරමින්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ වියට්නාමයේ ජනවාර්ගික සහ ආගමික කටයුතු අමාත්‍ය Nguyen Dinh Khang මහතා ඇතුළු දූත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) කොළඹදී පැවැත්විණි.
දෙරටේ සංස්කෘතිකමය හා ආගමික සබඳතා නව මානයකට ඔසවා තැබීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වූ අතර, දෙරට අතර ඇති කරගත් නව එකඟතාවන්ට අනුව ඉදිරි කටයුතු අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව සිදු කිරීමට මෙහිදී තීරණය විය. මෙම අවස්ථාවට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විද්වතුන් පිරිසක් ද එක්ව සිටියහ.












