ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වැනි දිනය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු සොනාල් දිනූෂ විශිෂ්ට ලෙස පන්දුවට පහරදෙමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර, ඔහු මේ වනවිට නොදැවී ලකුණු 50 ක් ලබා සිටී. ඔහු සමඟ නායක ධනංජය ද සිල්වාද නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු රැස් කරමින් සිටී.














