කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හදිසි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මීගමුව සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 – 3.0 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.














