දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය මැයි මස අග දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එළිමහනේ හෝ ගස් යට රැඳී සිටීමෙන් වළකින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.













