කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (12) පෙරවරු 11.00ට නිකුත් කළ බව සඳහන් එම නිවේදනය හෙට (13) අලුයම 1.00 දක්වා වලංගු බව අද දෙරණ වාර්තා කරයි.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව, වයඹ, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්රික්කවලත් සවස් කාලයේ හෝ රාත්රී කාලයේ ඇතැම් ස්ථානවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අකුණු සහිත කාලගුණය පවතින විට ආරක්ෂිත ගොඩනැගිල්ලක් තුළ රැඳී සිටින්න. විවෘත ස්ථානවල, ජලය අසල සහ තනිව පිහිටි ගස් යට රැඳී සිටීමෙන් වළකින්න.
















