කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (14) දිනය සඳහා නිකුත් කර ඇති නවතම කාලගුණ අනාවැකියට අනුව පහත සඳහන් ප්‍රදේශ සඳහා වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවට ද අනතුරු අඟවා ඇත.
මීට අමතරව, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව වාර්තා වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසත්, තද වැසි හේතුවෙන් ඇති විය හැකි ජල ගැලීම් සහ නායයෑම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.















