කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ.
ඒ අනුව, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට අමතරව, බටහිර වැහි අළුවල බලපෑම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං ඇති වීමේ හැකියාවක්ද පවතියි.














