දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ තොරතුරු වාර්තා කරයි.
සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක. මීට අමතරව මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.














