කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින්, මුහුදු යන ධීවර සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ අංශ වැඩිදුරටත් ඉල්ලා සිටියි.














