2026 වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,040ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
පසුගිය අගෝස්තු මාසයේදී පමණක් රෝගීන් 10,155 දෙනෙකු වාර්තා වී ඇති අතර, මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත මරණ 72ක් සිදුව තිබේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් (50,760ක්) වාර්තා වන අතර, දිස්ත්‍රික් මට්ටමින් ගම්පහ (20,444ක්) සහ කොළඹ (19,008ක්) යන දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. තවද, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 50ක් තවදුරටත් අධි-අවදානම් කලාප ලෙස නම් කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.














