නැගෙනහිර පළාත සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.














