වයඹ, මධ්යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්රික්ක සඳහා ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. එම ප්රදේශවල සවස් හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව සඳහන් වේ.
මේ අතර, අද (04) පස්වරු 1.00න් පසු දිවයිනේ බොහෝ ප්රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, මධ්යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකි සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.













