තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 55ත් 60ත් දක්වා විටින් විට වැඩිවිය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවල යෙදෙන්නන් අවධානයෙන් පසුවන ලෙස දන්වා ඇත. මේ අතර, හෙට (15) දිනයේ සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ද, මොණරාගල, අම්පාර සහ මඩකලපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද අපේක්ෂා කෙරේ.
















