නිරිතදිග ප්‍රංශයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර 1,100ක භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය හමුවේ අදාළ ප්‍රදේශවල රැඳී සිටි පුද්ගලයින් 525 දෙනෙකු පමණ ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, ගිනි නිවීමේ භටයින් 500 දෙනෙකු පමණ යොදවා ලැව්ගිනි පාලනය කිරීමට කටයුතු කරමින් සිටී. ප්‍රංශයේ කලාප 75ක් සඳහා ලැව්ගිනි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති අතර, මීට අමතරව බටහිර ජර්මනියේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ද පුද්ගලයින් 2,000කට අධික පිරිසක් තම නිవాසවලින් ඉවත් කර ඇත.














