අද පස්වරු 1න් පසුව දිවයිනේ ප්‍රදේශ රැසක ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද රාත්‍රී 11:30 දක්වා වලංගු වන මෙම නිවේදනය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු, උතුරු මැද, දකුණ සහ වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා අදාළ වේ. පස්වරු 1න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින අතර එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව සඳහන් වේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.











