අගෝස්තු මාසයේ දින 10ක් ඇතුළත නව ජාත්‍යන්තර ගුවන්සේවා තුනක් මෙරටට ගුවන් ගමන් ආරම්භ කිරීම 2026 වසරේ අවසාන සංචාරක සමය සඳහා සුබවාදී ආරම්භයක් බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.
අගෝස්තු 16 වැනිදා වියට්නාම ගුවන්සේවය (Vietnam Airlines), අගෝස්තු 18 වැනිදා VietJet Air සහ අගෝස්තු 25 වැනිදා ඕස්ට්‍රේලියානු Jetstar ගුවන්සේවය මෙලෙස ශ්‍රී ලංකාව වෙත සිය සේවාවන් ආරම්භ කර තිබේ. මෙමගින් ගෝලීය ගුවන් සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් වන අතර, 2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ද මිලියන 1.5 සීමාව ඉක්මවා ඇත. ඉදිරි මාස කිහිපයේදී තවත් ජාත්‍යන්තර ගුවන්සේවා කිහිපයක් මෙරටට පැමිණීමට සැලසුම් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














