ශ්රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරකට අනුව, වනජීවී නිලධාරීන් සිදුකළ වැටලීමකදී කෑගල්ල, කරඩුපන ප්රදේශයේදී ආරක්ෂිත වනසතුන්ගේ කොටස් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (24) සිදුකළ මෙම මෙහෙයුමට රිටිගල වනජීවී නිලධාරීන් සහ බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් එක්ව තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී ලංකා සිතියම් බෙල්ලෙකු, වෙඩි තබා මරා දැමූ බවට සඳහන් කැබැල්ලෑවන් දෙදෙනෙකුගේ පොතු, කොටියෙකුගේ දතක්, වල් ඌරෙකුගේ දතක්, ආරක්ෂිත ඕලු මුවෙකුගේ අං තට්ටුවක් සහ මුවෙකුගේ අං කොටස් දෙකක් සොයාගෙන ඇත.
මෙම සත්ව කොටස් මුදලට අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි බවට සැක කෙරේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සොයාගත් භාණ්ඩ ඉදිරි දිනයකදී කෑගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.













