මාලදිවයිනේ මාලේ නුවර ‘Barceló Nasandhura’ හිදී පැවති 10 වැනි දකුණු ආසියානු සංචාරක සම්මාන උලෙළේදී (SATA 2026) ප්රමුඛතම සුවතා ගමනාන්තය සඳහා වන ‘Visitors’ Choice Award’ සම්මානයෙන් ශ්රී ලංකාව පිදුම් ලබා තිබේ.
විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කළ පරිදි, මාලදිවයිනේ ශ්රී ලංකා මහ කොමසාරිස් එම්. රිස්වි හසන් මහතා විසින් ශ්රී ලංකාව වෙනුවෙන් මෙම සම්මානය ලබාගෙන ඇත. ශ්රී ලංකාවේ පාරම්පරික ආයුර්වේදය, දේශීය චිකිත්සක ක්රමවේද, විවිධත්වයෙන් යුතු ස්වාභාවික පරිසරය සහ උසස් සුවතා අත්දැකීම් හේතුවෙන් ලොව පුරා සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණය දිනාගැනීමට හැකිවීම මෙම ජාත්යන්තර සම්මානය හිමිවීමට ප්රධාන හේතුව වී තිබේ. දකුණු ආසියානු රටවල් හයක සංචාරක ක්ෂේත්රයේ විශිෂ්ටත්වය අගයන SATA සම්මාන උලෙළ සඳහා මෙවර මිලියන දෙකකට අධික අන්තර්ජාල මනාප ප්රමාණයක් ලැබී ඇත.














