වසර 11 කට පසුව පළමු වරට පාකිස්ථාන කාන්තා කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වී තිබේ. ඒ, තවත් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස තරගාවලිය ජය ගනිමිනි. දඹුල්ලේදී පැවති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 175ක් රැස් කර ඇත.













