ශ්‍රී ලංකා ක්‍රීඩාව ජාත්‍යන්තර තලයේ ඔසවා තැබීමේ අරමුණින් සහ අඛණ්ඩ දස්කම් ප්‍රදර්ශනය කරමින්, ලෝක ක්‍රිකට් පිටියේ තවත් සුවිශේෂී තරගාවලියක් නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමින් ඔප්නංවා ගැනීමටත්, රටේ අභිමානය නංවාලීමටත් මෙවැනි කලාපීය තරගාවලි ඉමහත් පිටුවහලක් වන අතර, එය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය මෙන්ම රටේ ක්‍රීඩා සංස්කෘතිය ද ඉහළ නැංවීමට රුකුලකි.
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියට එක්වන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (23) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගිය බව වාර්තා වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා චමරි අමරතුංගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වලටද එක්වූහ. ඉදිරි 28 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් දැඩි සූදානමකින් යුතුව එක්ව සිටිති.
ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ මෙරට නාමය රන් අකුරින් සටහන් කිරීමට පිටත්ව ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවශ්‍ය ජයග්‍රහණය අත්වනු ඇතැයි මුළු රටම එක හඬින් අපේක්ෂා කරයි.
















