චීනයේ සාන්‍යා (Sanya) හි පැවැත්වෙන 6 වන ආසියානු වෙරළබඩ ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම අද විශිෂ්ට දක්ෂතාවයක් පෙන්නුම් කරමින් සමත් විය. මෙම රිදී පදක්කම දිනූ ජයග්‍රාහී කණ්ඩායමට ඩිලක්ෂණා විමලේන්දිරන්, හංසිකා කුමුදුනී, කජේන්දිනී රාසා, මධුරිකා හංසමාලි, ප්‍රියවර්ණා රාසතුරෙයි සහ ශානිකා සුදර්ශනී යන ක්‍රීඩිකාවන් ඇතුළත් වේ. ජාත්‍යන්තර ක්‍රීඩා පිටියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතාවය මෙරට වෙරළබඩ ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සටහන් වේ.














