තරුණයින් මුහුණ දෙන ගැටලු විද්‍යාත්මක හා තිරසාර ලෙස විසඳීම සඳහා මාර්ගෝපදේශ සහ නිර්දේශ ලබා දිය හැකි ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (OUSL) සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව රත්මලාන ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩල ශ්‍රවණාගාරයේදී සංවිධානය කරන ලද “තරුණ සංවර්ධනය පිළිබඳ පළමු ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය 2026” (1st National Research Symposium on Youth Development – NRSYD) අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භයක් පමණක් බවත්, ජාතික තරුණ ප්‍රතිපත්තියේ සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ එය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ ඇගයීම මත බවත් ඇය එහිදී වැඩිදුරටත් අවධාරණය කළාය. එපමණක් නොව, තරුණයින් වෙනස්කම්වලට මුහුණ දීමට සමත් නම්‍යශීලී (resilient) පිරිසක් බවට පත්කිරීම සහ ලෝකයේ සිදුවන සාධනීය වෙනස්කම්වලට නායකත්වය දෙන පිරිසක් බවට පත්කිරීම රජයේ අරමුණ විය යුතු බවද අගමැතිවරිය පෙන්වා දී තිබේ.
රටක අනාගතය තීරණය වන තරුණ ප්‍රජාව මුහුණ දෙන ගැටලු සඳහා මෙպමණ කලක් නිසි ක්‍රමවේදයක් නොතිබූ පසුබිමක, මෙම විද්‍යාත්මක සහ තිරසාර ප්‍රතිපත්ති රාමුව සැකකිරීම රටේ ඉදිරි සංවර්ධනයට සහ යහපැවැත්මට සුවිශේෂී බලපෑමක් එල්ල කරනු ඇත.












