මාලදිවයිනේ මාලේ අගනුවරදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු 2026 දකුණු ආසියානු සංචාරක සම්මාන (SATA) උළෙලේදී ප්රමුඛ ප්රවර්ධන ව්යාපාරය සඳහා වන ජාත්යන්තර සම්මානය හිමිකර ගැනීමට ශ්රී ලාංකික වික්රමාන්විත සංචාරක සමාගමක් වන Rapid Adventures සමත්ව තිබේ. දකුණු ආසියානු කලාපයේ රටවල් හයක් නියෝජනය කරමින් ප්රමුඛ පෙළේ හෝටල්, ගුවන් සේවා සහ සංචාරක ආයතන ඉදිරිපත් කළ නාමයෝජනා දහසකට ආසන්න සංඛ්යාවක් අභිබවා යමින් ශ්රී ලාංකේය සමාගමක් මෙලෙස ඇගයීමට ලක්වීම, දේශීය සංචාරක කර්මාන්තය ජාත්යන්තර තලයේ අත්කරගත් සුවිශේෂී ජයග්රහණයක් ලෙස සැලකේ.
සාම්ප්රදායික වෙරළ තීරයන්ගෙන් ඔබ්බට යමින් කිතුල්ගල ගංගා තරණය, නකල්ස් කඳු පංති ආරෝහණය සහ මීමුරේ වැනි ග්රාමීය සංචාරක අත්දැකීම් ගෝලීය ප්රජාව වෙත ගෙන යාමට දැක්වූ දායකත්වය මෙම ඇගයීමට ප්රධාන පදනම වී ඇත. මෙමගින් දේශීය ආර්ථිකයේ බිම්මට්ටමේ ව්යවසායකයින් සහ ප්රාදේශීය මඟපෙන්වන්නන් සබලගැන්වීමට හැකිවූ බව පෙන්වා දෙන එම සමාගම, මීට පෙරද අඛණ්ඩව SATA සහ BestWeb.lk සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. ශ්රී ලංකාව කලාපයේ ප්රමුඛතම සුවතා සහ වික්රමාන්විත ගමනාන්තයක් ලෙස මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීම දේශීය සංචාරක ක්ෂේත්රයේ නව පිබිදීමක් සලකුණු කරයි.
මෙම ජාත්යන්තර පිළිගැනීමත් සමඟ ඉදිරි සංචාරක වාරයේදී ශ්රී ලංකාව වෙත ඇදී එන විදේශීය වික්රමාන්විත සංචාරකයින්ගේ සංඛ්යාව සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බවට ක්ෂේත්රයේ ප්රඥාවන්තයෝ විශ්වාස පළ කරති. දේශීය සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් පදනම් කරගත් ප්රජා මූලික සංචාරක ව්යාපාර සබලගැන්වීම හරහා විදේශ විනිමය ආකර්ෂණය කරගැනීමටත්, කලාපීය සංචාරක සිතියම තුළ ශ්රී ලංකාවේ අනන්යතාව තවදුරටත් තහවුරු කිරීමටත් මෙම ජයග්රහණය ප්රබල පිටිවහලක් වනු ඇත.














