ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (19) තවදුරටත් පහත වැටී තිබේ. ඊයේ දිනයට සාපේක්ෂව අද දින ඩොලරයේ විකුණුම් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 340 සීමාව දක්වා ආසන්න වී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම NDB බැංකුව වාර්තා කර ඇති දත්තවලට අනුව, ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 327.75 සිට රුපියල් 328.50 දක්වා ඉහළ ගොස් ඇති අතර විකිණීමේ අනුපාතය රුපියල් 334.25 සිට රුපියල් 337.50 දක්වා ඉහළ ගොස් ඇත. රුපියල මෙලෙස දුර්වල වීම වෙළඳපොළේ ආනයනික භාණ්ඩ මිල කෙරෙහි ද බලපෑමක් ඇති කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පසුගිය සති කිහිපය පුරා රුපියලේ අගය යම් ස්ථාවර මට්ටමක පැවතියද, පවතින ඉල්ලුම මත අද දිනයේ මෙලෙස අගය වෙනස් වීමක් සිදු වී තිබේ.
















