ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වීම හේතුවෙන් ඩොලරයක විකුණුම් මිල අද (09) රුපියල් 340 සීමාව පසු කළේය.
මහ බැංකුවේ දෛනික විනිමය දත්ත වාර්තා අනුව අද දින අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.8686ක් ලෙස සහ ගැනුම් මිල රුපියල් 331.3476ක් ලෙස සටහන් විය.
ඊයේ (08) දින ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.7382ක් ලෙසත්, ගැනුම් මිල රුපියල් 330.2889ක් ලෙසත් පැවතිණි.
















